Must ReadScience Insiderතාරකා විද්‍යාවනවතම සොයාගැනීම්පර්යේෂණ

සූර්ය කොරෝනාවේ අංශක මිලියනයේ අභිරහස විසඳීමට නාසා ආයතනයෙන් ඉහළ අහසේ මෙහෙයුමක්

සාමාන්ය භෞතික විද්යාවට අනුව, ගිනිමැලයක්  වැනි උණුසුම් ස්ථානයකින් අප ඈතට යන විට රස්නය අඩුවේ. සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය  සෙල්සියස් අංශක 6,000 ක් පමණ වෙතත්, ඊට වඩා පිටතින් පිහිටි වායුගෝලයේ (කොරෝනාවේ) උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 1 සිට 3 දක්වා ඉහළ යයි! මෙය අපගේ සාමාන්‍යය දැනුමට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයකි.

සූර්යයාගේ මතුපිට ඉතා දීප්තිමත් බැවින්, මෙම අධික උෂ්ණත්වයකින් යුත් කොරෝනාව පැහැදිලිව දැකගත හැක්කේ චන්ද්රයා විසින් සූර්යයා සම්පූර්ණයෙන්ම වසා දමන සූර්යග්රහණ අවස්ථාවකදී පමණි. එනිසා සූර්යග්රහණයක් අතරතුර කොරෝනාවේ වේගවත් සහ ඉතා පැහැදිලි ඡායාරූප ලබා ගැනීම හරහා, මෙම අසාමාන්ය උෂ්ණත්වයට හේතු හඳුනාගැනීමට විද්යාඥයින් බලාපොරොත්තු වේ.

සූර්ය කොරෝනාව-Image Credit: Photograph by Luc Viatour / https://Lucnix.be, used under Creative Commons license (CC BY-SA 3.0) via Wikimedia Commons.

සූර්ය කොරෝනාවේ අංශක මිලියනයේ අභිරහස විසඳීමට නාසා (NASA) ආයතනයෙන් ඉහළ අහසේ මෙහෙයුමක්

2026 අගෝස්තු 12 වන දින , ග්රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤයට ඉහළින් පූර්ණ සූර්යග්රහණයක්  දිස් විය. පූර්ණ සූර්යග්රහණයක් සිදුවන්නේ චන්ද්රයා, පෘථිවිය  සහ සූර්යයා අතරින් ගමන් කරමින් සූර්යයාගේ ආලෝකය තාවකාලිකව අවහිර කරන විටදීය. මෙම දුර්ලභ සිදුවීම නිසා දහවල් කාලය කෙටි වෙලාවකට රාත්රියක් බවට පත්වන අතර, ‘කොරෝනාව’ (corona) ලෙස හැඳින්වෙන සූර්යයාගේ දිලිසෙන බාහිර වායුගෝලය බලාගැනීමට අපට අවස්ථාව ලැබේ.

මෙම අපූරු සංසිද්ධිය අධ්යයනය කිරීම සඳහා , NASA ආයතනය සහ Southwest Research Institute (SwRI) එක්ව උසස් තාක්ෂණයෙන් යුත් නිරීක්ෂණාගාරයක් අපරිවර්තීගෝලයට (stratosphere) යැවීමට කටයුතු කළේය.

අඩි 50,000 ක් ඉහළින් චන්ද්‍රයාගේ සෙවනැල්ල පසුපස හඹා යාම

පොළොවේ සිට සූර්යග්‍රහණයක් නරඹන විට විද්‍යාඥයින්ට සම්පූර්ණ අඳුර ලැබෙන්නේ මිනිත්තු දෙකක පමණ කෙටි කාලයක් සඳහා පමණි. මේ සඳහා වැඩි කාලයක් ලබා ගැනීමට පර්යේෂකයන් NASA ආයතනයේ WB-57 නම් අධි-උන්නතාංශ පර්යේෂණ ගුවන් යානය (high-altitude research jet) භාවිතා කළහ.

අඩි 50,000 ක් ඉහළ අහසේ, පැයට සැතපුම් 460 ක වේගයෙන් අත්ලාන්තික් සාගරයට ඉහළින් චන්ද්‍රයාගේ සෙවනැල්ල පසුපස හඹා ගිය මෙම යානයට මිනිත්තු තුනකට ආසන්න කාලයක් අඳුරේ රැඳී සිටීමට හැකි විය. මෙතරම් ඉහළින් පියාසර කිරීමෙන් ප්‍රධාන වාසි දෙකක් ලැබුණි:

  • අයහපත් කාලගුණයෙන් බේරීම: අයිස්ලන්තයේ පොළොව මත සිටි නිරීක්ෂකයින්ගේ දර්ශනය වලාකුළු වලින් වැසී ගියද, ගුවන් යානය ඒ සියලුම වලාකුළු වලට ඉහළින් ගමන් කළේය.
  • පැහැදිලි දත්ත ලබාගැනීම: පෘථිවි වායුගෝලයේ ඝන කොටස් වලට ඉහළින් පියාසර කිරීම නිසා, සාමාන්‍යයෙන් වායුගෝලය විසින් උරාගන්නා අධෝරක්ත ආලෝකය (infrared light) පවා යානයේ සවිකර තිබූ විශේෂ කැමරාවට පැහැදිලිව ග්‍රහණය කරගත හැකි විය. පොළොවේ සිට මෙය කිසිසේත්ම කළ නොහැක්කකි.
නාසා (NASA) ආයතනයේ WB-57 ජෙට් යානයේ ඇති කැමරා මගින් ලබාගත් සූර්ය කොරෝනාව සහ ප්‍රොමිනන්ස්. – ඡායාරූප අනුග්‍රහය: NASA / SwRI / William Ashfield

අභ්‍යවකාශ කාලගුණය සහ සූර්ය පිපිරීම්

මෙම උෂ්ණත්ව අභිරහස පිළිබඳව කරුණු සොයන අතරතුර, සූර්යයාගේ අද්දරින් පුපුරා යන දැවැන්ත “ප්‍රොමිනන්ස්” (prominence) එකක් අධිවේගී කැමරාවල සටහන් විය. මේවා අතිශය උණුසුම්, චුම්භක ප්ලාස්මාවලින් (plasma) හැදුණු දැවැන්ත ලූප (loops) වේ.

සූර්යයා මෙවැනි විශාල ශක්තියක් සහ අංශු නිකුත් කරන විට, එය “අභ්‍යවකාශ කාලගුණයක්” (space weather – අභ්‍යවකාශ කාලගුණය යනු සූර්ය සුළං, සූර්ය ගිනිදැල් ඇතුළුව සූර්යයා හේතුවෙන් අභ්‍යවකාශයේ ඇතිවන වෙනස්වන තත්ත්වයන්ය.) නිර්මාණය කරයි. මෙම ශක්තිය පෘථිවියට ළඟා වුවහොත්, එය චන්ද්‍රිකාවලට (satellites) බාධා කිරීමට, GPS තාක්ෂණය අඩාල කිරීමට සහ විදුලිබල පද්ධතිවලට පවා හානි කිරීමට ඉඩ ඇත. මෙම පිපිරීම් අවබෝධ කර ගැනීම, අපගේ නවීන තාක්ෂණය ආරක්ෂා කර ගැනීම සඳහා අභ්‍යවකාශ කාලගුණය කල්තියා පුරෝකථනය කිරීමට මහත් සේ උපකාරී වේ.

References & Further Reading

  1. NASA Science (2026, July 27). NASA Science Soars During August Total Solar Eclipse. National Aeronautics and Space Administration. Retrieved from https://science.nasa.gov/science-research/heliophysics/nasa-science-soars-during-august-total-solar-eclipse/

  2. Southwest Research Institute (2026, August 14). Airborne observatory improves views of solar corona during cloud-covered eclipse. Phys.org. Retrieved from https://phys.org/news/2026-08-airborne-observatory-views-solar-corona.html

Author

Related Articles

Back to top button