විශේෂාංග
සීතල දැනෙන විට අප වෙව්ලන්නේ ඇයිදැයි දැන සිටියාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මිනිසුන් අචලතාපි ජීවීන් වේ. එනම් අප බාහිර පරිසර උෂ්ණත්වයෙන් ස්වාධීනව දේහ උෂ්ණ්ත්වය පවත්වා ගනියි. අපගේ සාමන්‍ය ශරීර උෂ්ණත්වය සෙල්සියස් 36.5-37.5 අතර පවත්වා ගැනීම සඳහා මොළයේ හයිපොතැලමස මඟින් හෝමෝන මුදා හැරීමෙන් සිදු කරයි. ඔබට සීතල දැනුන විට සමේ සංවේදක මඟින් මොළයට සංඥා කරන අතර මොළය මඟින් මාංශ පේෂී වලට සංඥා කරයි. වෙව්ලීම යනු මාංශපේශි සංකෝචනය වීමෙන් හා ඉහිල් වීමෙන් සිදුවන රිද්මයානුකූල ක්‍රියාවකි. මාංශ පේශී චලනය වන විට ඒවා තාපය ජනනය කරයි. එය සීතල විට දේහය උණුසුම් කිරීමෙන් දේහ උෂ්ණත්ව යාමනයට වැදගත් වේ.