Science Insiderස්වාභාවික විද්‍යාව
පෘථිවිය භ්‍රමනය වන බවට ඔබ අසා ඇත. එත් පෘථිවිය කැරකෙනවා නම් ඇයි අපිට කැරකෙන බවක් දැනෙන්නේ නැත්තේ?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පෘථිවිය භ්‍රමනය වන බවට ඔබ අසා ඇත. එත් පෘථිවිය කැරකෙනවා නම් ඇයි අපිට කැරකෙන බවක් දැනෙන්නේ නැත්තේ? ඔබ වාහනයක නියත වේගයකින් ගමන් කරන බව සිතන්න. ඔබ ඇස් දෙක වසාගත් විට ඔබ ගමන් නොකරන බවට ඔබටම ඒත්තු ගැන්විය හැක. එහෙත් වාහනය බ්‍රේක් ගැසු විට ඔබට වාහනයක ගමන් කරන බව දැනේ. මෙය පෘථිවියේ භ්‍රමනයට සමාන කල හැක. පෘථිවියද නියත වේගයකින් භ්‍රමණය වන අතර පොළොව, මුහුද හා ඔබද එම වේගයෙන්ම භ්‍රමණය වන බැවින් ඔබට ඔබ චලනය වන ලෙස නොදැනේ. එත් පෘථිවිය භ්‍රමණය වීම වේගවත් වුවහොත් හෝ නැවැත්වුනොත් ඔබට දැනේ. එමෙන්ම යමක වෙනස තේරීමට එය වෙනත් දෙයක් සමග සැසදිය යුතුය. ඔබ අවට සියලු දෑ කැරකෙන බැවින් ඔබට සැසදීමට දෙයක් නොමැත. පෘථිවිය කැරකෙන බව නොදැනීමට මෙය තවත් හේතුවකි.