Must Readතාරකා විද්‍යාව
බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයාගේ සංයෝජනය
තාරකා විද්‍යා අංශය - නවීන තාක්ෂණය පිලිබඳ ආතර් සි ක්ලාක් ආයතනය

2025 අගෝස්තු 12 වන දින, අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහගලෝක දෙකක් වන බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයාගේ අලංකාර සංයෝජනයක් හිමිදිරි අහසේ දිස්වනු ඇත. මෙම යුගලය එකිනෙකට සැලකියයුතු ලෙස සමීපව දිස්වනු ඇති අතර, ආසන්න වශයෙන් අංශක එකකට වඩා අඩුවෙන් වෙන් වී ඇති සේ පෙනෙන අතර එය පියවි ඇසට පහසුවෙන් දැක ගත හැකිය. ග්‍රහලෝක දෙක මිථුන තාරකා රාශිගේ දිස්වනු ඇති අතර ග්‍රහගලෝක දෙකෙන් දීප්තිමත්ම සිකුරු ග්‍රහයා -3.96 දෘශ්‍ය විශාලත්වයෙන් දිදුලන අතර බ්‍රහස්පති ග්‍රහයා -1.93 දෘශ්‍ය විශාලත්වයෙන් දීප්තිමත් ලෙස බබළයි. මෙම ග්‍රහගලෝක යුගලය අලුයම 4:00 ට පසු ක්‍ෂිතිජයෙන් ඉහලට එන අතර උදැසන හිරු උදා වන තෙක් පවතිනු ඇත.